සුවසහන අරමුදල
මෙම ක්‍රමවේදය යටතේ සුවසහන අරමුදල සමග ගිවිසුම්ගත, සාමාජිකයා පදිංචි ආසන්නතම රෝහල වෙතින් ඉදිරිපත්කර ඇති ක්‍රමවේදයට අනුව ප්‍රතිකාර ලබාගත හැකි අතර, රෝගයේ ස්භාවය හා බරපතලතාවය අනුව ගිවිසුම්ගත රෝහල් ලැයිස්තුවේ පහසුකම් ඇති දිවයිනේ ඕනෑම රෝහලක් වෙතින් ප්‍රතිකාර සිදුකළ හැකිය. ප්‍රතිකාර සිදුකීරීමට අපේක්ෂා කරන රෝහල වෙතින් ප්‍රථමයෙන්ම මිලගණන්පතක් ලබාගැනීම සිදුකළ යුතු අතර, එම මිලගණන්පත සමග මේ වෙනුවෙන් සකස්කර ඇති ප්රතිලාභ අයදුම්පත සම්පූර්ණ කර ඒකක අණදෙන නිලධාරි සහතික කර මධ්‍යස්ථාන සේනාවිධායක නිර්දේශයෙන් වෛසේඅම නිර්දේශයෙන් සුවසහන අරමුදල වෙත ඉදිරිපත් කළ යුතුය. අදාල රෝහල වෙත ඉදිරිපත් කිරීම සඳහා සාමාජිකයාගේ කැමැත්ත ප්‍රකාශිත තහවුරු කිරීමේ ලිපිය සාමාජිකයා වෙත ලබාදීම සුවසහන අරමුදල වෙතින් සිදුකරන අතර, සාමාජිකයා විසින් එම ලිපිය අදාල රෝහල වෙත ඉදිරිපත් කර අවශ්‍ය ප්‍රතිකාරය සිදුකළ හැකිය. ප්‍රතිකාර අවසානයේ සේවය සතුටුදායක ලෙස ලබාගත් බවට මෙම අරමුදල වෙතින් ලබාදී ඇති ප්‍රකාශය ඒකක අණදෙන නිලධාරි සහතික කර මධ්‍යස්ථාන සේනාවිධායක නිර්දේශයෙන් මෙම අරමුදල වෙත ඉදිරිපත් කළ යුතුය.
සක්‍රීය සේවයේ නියුතු සාමාජිකයින්
විශ්‍රාමික සාමාජිකයින්
කල්පිරීම
- වයස අවුරුදු 80 වන තෙක් පමණක් සාමාජිකයකුට මෙම අරමුදලේ රැඳී සිටිය හැකි අතර, වයස අවුරැදු 80 දී කල්පිරීම සිදුවනු ඇත
- සාමාජිකයා මියගිය අවස්ථාවේදී කලත්‍රයා හට සාමාජික මරණ වෙනුවෙන් හිමිගන්වන රුපියල් ලක්ෂ 10 ක මුදලින් රු. 500,000.00 ක් (එනම් අඩක්) පමණක් තම ස්වකීය කැමැත්ත මත ලබාගෙන ඉතිරි රු.500,000.00 ක මුදල සුවසහන අරමුදලේ රඳවා තබාගෙන එම මුදලින් ඉදිරි සාමාජික වාරික මුදල් කලත්‍රයාගේ වයස අවුරුදු 80 වන තෙක් අයකර ගැනීමට කටයුතු කරනු ලබන අතර, ඒ අනුව වයස අවුරුදු 80 දක්වා කලත්‍රයා හට සාමාජිකත්වය පවත්වාගෙන යාමට හැකියාව ඇත.(කල්පිරෙන වයස අවුරුදු 80වන තෙක් සාමාජිකයා මියගිය දින සිට ඉදිරියට සාමාජික වාරික මුදල් ගෙවීමක් සිදුකිරීමට අවශ්‍ය නොවේ) ඒ අනුව සක්‍රීයව හා අඛණ්ඩව සුවසහන අරමුදලේ සියළුම වරප්‍රසාද, හිමිකම් හා ප්රතිලාභ සහිතව සාමාජිකත්වය සක්‍රියව පවත්වාගෙන යාමට කලත්‍රයාට හා නීත්‍යානුකූල අවිවාහක රැකියා විරහිත දරුවන් හට වයස අවුරුදු 30 දක්වා (විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වයස් සිමාවේ බලපෑමක් නොමැත) ප්රතිලාභ ලබාගැනීමේ හැකියාව ඇත.කලත්‍රයා අවු: 80 ට පෙර මියගිය හොත් රඳවාගත් රු. 500,000.00 ක මුදලින් සාමාජික වාරික මුදල් සඳහා අය වි ඉතිරි මුදලක් ඇත්නම් එම මුදල හා කලත්‍ර මරණ වෙනුවෙන් හිමි රු. 500,000.00 ක මුදල සමග නිත්‍යානුකුල දරුවන් වෙත හිමිගැන්වීමට කටයුතු කරනු ලැබේ.
- සාමාජිකයාගේ කැමැත්ත පරිදි කල්පිරීමේ ප්‍රතිලාභය වයස අවුරුදු 65 දී වුව ද ලබාගත හැකිය. එසේ ලබාගන්නා සාමාජිකයින් ට වයස අවුරුදු 65 න් පසු සාමාජිකත්වය අහෝසි වනු ඇත.
විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා සුවසහන අරමුදලේ සාමාජිකත්වය පවත්වාගෙන යාම
- යුද්ධ හමුදා සාමාඡිකයෙකු විශ්‍රාම යාමෙන් පසු සුවසහන අරමුදලේ විශ්‍රාමික සාමාඡිකත්වය ලබා ගන්නා කාලසීමාවේදී යුද්ධ හමුදා සාමාඡිකයාගේ වැටුපෙන් සුවසහන අරමුදල වෙත මාසික වාරික මුදල බැරවීම අවසන් වු මස සිට (අවසන් වැටුප් පත්‍රිකාව අනුව) ඉදිරියට විශ්‍රාම සාමාඡිකත්වය ලබා ගැනීම සදහා මාස 06 ක සහන කාලසීමාවක් ලබා දී ඇත. ලබා දී ඇති සහන කාලසීමාව ඉක්මවා ගොස් විශ්‍රාමික සාමාඡිකයෙකු සාමාඡිකත්වය ලබා ගැනීමකදී සාමාඡිකත්වය අක්‍රීය වු මස සිට සාමාඡිකත්වය ලබා ගන්නා අවස්ථාව දක්වා මසකට රු: 100.00 බැගින් ප්‍රමාද ගාස්තුවක් අයකරනු ලබන අතර, එම ප්‍රමාද ගාස්තුව හා අදාළ කාලසීමාවට අයත් සාමාඡික මුදල එකවර සුවසහන අරමුදලට තැම්පත් කල යුතුය.
- විශ්‍රාම යාමේදී සාමාජිකත්වය අක්‍රීය වූ අවස්ථාවකදී මසකට රු 100.00 බැගින් ප්‍රමාද ගාස්තුවක් ගෙවා උපරිම අවස්ථා 03 ක දී පමණක් සාමාජිකත්වය ලබා ගත හැක. එසේ සාමාජිකත්වය සක්‍රීය කර ගැනීමෙන් පසු පළමුවන අවස්ථාව සඳහා මාස 06 ක පරිවාස කාලයකින් පසුව සිදුවන සිදුවීම් සඳහා පමණක් හිමිකම් ඇති අතර, දෙවන සහ තෙවන අවස්ථා සඳහා මාස 12 ක පරිවාස කාලසීමාවකින් පසුව සිදුවන සිදුවීම් සඳහා පමණක් හිමිකම් ඇත.
- විශ්‍රාම සාමාඡිකයෙකු සාමාඡික මුදල් තැම්පත් කිරීමේදී වර්ෂයක් (මසකට රු: 700.00 බැගින්) සදහා රු: 8400.00 ක් හෝ අඩවසරක් සදහා රු: 4200.00 ක මුදලක් එකවර තැම්පත් කල යුතු අතර, අදාල සාමාඡිකයාට හිමි මහඡන බැංකු ගිණුම් අංකය සුවසහන අරමුදල සමග සමබන්ධතාවයෙන් ලබාගත හැකිය. (2021 ඡුනි මස සිට ඉදිරියට වැහාලේඅම වෙතින් විශ්‍රාම ගන්වනු ලබන යුද්ධ හමුදා සාමාඡිකයින්ගේ අවසන් වැටුපෙන් සුවසහන අරමුදල වෙත සාමාඡික මුදල් බැරවීමක් සිදු නොවේ).
- වාර්ෂිකව හෝ අර්ධ වාර්ෂිකව මුදල් තැන්පත් කරන අයවළුන් සඳහා පිළිවෙලින් දින 42 ක හා දින 21 ක සහන කාල සීමාවක් හිමිවේ.
- වයස අවුරුදු 80 වන තෙක් පමණක් සාමාඡිකයෙකුට මෙම අරමුදලේ රැදී සිටිය හැකි අතර, වයස අවුරුදු 80 දී කල්පිරීම සිදුවනු ඇත. සාමාඡිකයාගේ කැමැත්ත පරිදි ප්‍රතිලාභය වයස අවුරුදු 65 දී ලබාගත හැකිය.
- සාමාජිකයා මියගිය අවස්ථාවේදී සම්පූර්ණ හිමිකම් මුදල වන රු: 1000000.00ක මුදල ලබා ගැනීමෙන් පසු සුවසහන අරමුදලේ සාමාජිකත්වය පවත්නා ව්‍යවස්ථාවට අනුව අහෝසි වන අතර, කලත්‍රයාගේ කැමැත්ත මත සාමාජික මියයාම වෙනුවෙන් හිමි ප්රතිලාභ මුදලින් රු: 500,000.00 ක් (එනම් අඩක් පමණක්) ලබාගෙන ඉතිරි රු: 500,000.00 ක මුදල සුවසහන අරමුදලේ රඳවා තබා එම මුදලින් ඉදිරි සාමාජික මුදල් වාරිකයන් අයකර ගැනීමට කටයුතු කරනු ලබන අතර, මෙමගින් මාසික වාරික මුදල් ගෙවීමකින් තොරව සක්‍රීයව හා අඛණ්ඩව සුවසහන අරමුදලේ සාමාජිකත්වය පවත්වාගෙන යාමට කලත්‍රයාට අවස්ථාව හිමිවේ.
- යම් ප්රතිලාභ මුදලක් ලබාගෙන ඇත්නම් එම ලබාගෙන ඇති ප්රතිලාභ මුදල ගෙවා ඇති වාරික මුදලට වඩා අඩුවේ නම් පමණක් එහි වෙනස කල්පිරීමේදී නැවත ලබා ගැනීමට සාමාඡිකයාට හිමිකම් ඇත. ගෙවා ඇති මුලු වාරික මුදලට වඩා වැඩිපුර ප්රතිලාභ ලබාගෙන ඇත්නම් කල්පිරීමේදී කිසිදු ගෙවීමක් සිදුකරනු නොලැබේ.
- සුව සහන අරමුදල වෙතින් ප්රතිලාභ හිමි ගන්වනු ලබන බරපතල රෝග කණ්ඩයට ඇතුලත් කර ඇති රෝග 47 කින් යුත් රෝග ලයිස්තුව පහත සදහන් පරිදි වේ.
- Myocardial Infarction (Heart Attack)
- Coronary artery By Pass Surgery
- Heart Valve/Septal Surgeries
- Surgery to the Aorta
- Coronary Angioplasty
- Brain Tumors
- Motor Neuron Disease
- Muscular Dystrophy
- Blindness
- Deafness
- Stroke
- Paralysis (Paraplegia/Quadriplegia)
- Chronic Lung Disease
- Major Organ Transplant
- Kidney Failure
- Fulminant Hepatits
- Chronic Liver Disease
- Multiple Sclerosis
- Coma
- Cancer
- Hiv Infection from Blood Transfusion
- Cochlear Implant
- Cardiac Bblation
- Bone Marrow Transplant
- Septicaemia
- Brugada Syndrome
- Craniotomy
- Infertility
- Alzheimer’s Disease/Sever Dementia
- Bacterial Meningitis
- Cardiomyopathy – Election Fraction
- Aplastic Anemia
- Encephalitis
- Major Head Trauma
- Parkinson’s Disease
- Primary Pulmonary Arterial Hypertension
- Systemic Lupus Erythematous with Server Kidney and organ Involment
- Third Degree Burns
- Occupational Acquired Human Immunodeficiency Virus (HIV) Infection
- Medullary Cystic Disease
- Apallic Syndrome (ie. Persistent Vegetative State (PVS)
- Progressive Scleroderma
- Chronic Relapsing Pancreatitis
- Elephantiasis
- Total Knee Joint Replacement
- Total Hip Joint Replacement
- Severe Rheumatoid arthritis
- ඉහත සදහන් බරපතල රෝගවලට අමතරව වෛද්‍ය සේවා අධ්යක්ෂ විසින් ලත්කරන ලද අදාල රෝග සමිබන්ධ විශේෂඥ වෛද්යවරුවන්ගේන් සමන්විත මණ්ඩලයක් විසින් බරපතල රෝගයක් බවට තිරනය කරන ලද රෝ සදහා ද බරපතල රෝග කන්ඩය යටතේ ප්රතිලාභ හිමිගැන්විම සිදු කරනු ලබේ.
ප්රතිලාභ ගෙවීම සඳහා ඉදිරිපත්කල යුතු ලිපි ලේඛණ
- සාමාජිකයාගේ සහ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ප්රතිලාභ ඉල්ලුම් කිරීමේදී විවාහ සහතිකය හා උප්පැන්න සහතිකයන්හි ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද මුල් පිටපත් එක් වරක් පමණක් අරමුදල වෙත ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.
- දරු උපත්, ගමන් වියදම් දීමනා සහ ඇස් කන්නාඩි අයදුම්පත් ඉදිරිපත් කිරීමේදි මුද්දරයක් අවශ්‍ය නොවේ.
- ප්‍රථිලාභ හිමිකමි ලබා ගැනිමේදි ජාතික හැදුනුමිපතේ ඡායාපිටපත යුහ හැදුණුමිපතේහි ඡායා පිටපත (නිලය වෙනස් විමක් සිදුවි නොමැති නමි) එක් වරක් පමණක් ඉදිරිපත් කිරිම ප්‍රමාණවත් වේ.
- කර්නල් නිලයේ සහ ඉන් ඉහළ නිලධාරින් සදහා රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙතින් පමණක් ලිපි ලේඛණ ඉදිරිපත් කිරිම ප්‍රමාණවත් වේ.
ජීවිත හානියකදී (සාමාජික, කාලාත්‍ර, දරු)
- සාමාජික අයදුම්පත්‍රය
- ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද මරණ සහතිකය
- ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද විවාහ සහතිකය (සාමාජික/කලාත්‍ර/දරු මරණයක් නම් පමණක්)
- ප්‍රා:ලේ වෙතින් සහතික කරන සාමාජිකයාගේ උප්පැන්න සහතිකය (සාමාජික මරණ සඳහා දෙමාපියන් විසින් ඉල්ලුම් කරයි නම් පමණක්)
- ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද දරුවාගේ උප්පැන්න සහතිකය (දරු මරණ සඳහා ඉල්ලුම් කිරිමක් නම් පමණක්)
- වන්දි හිමිකම් සහිත පුද්ගලයින්ගේ බැංකුපාස් පොත්වල සහතික කරන ලද පිටපත්
- යුහ හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
- ජාතික හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
- බැංකුපාස් පොතෙහි සහතික කල පිටපතක්
- ඥතිත්වය සනාථ කිරීම සඳහා අනි සහතිකය
දරු උපතකදී
- සාමාජික අයදුම්පත්‍රය
- ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද දරුවාගේ උප්පැන්න සහතිකය
- ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද විවාහ සහතිකය
- දරුවාගේ උපතට අදාල දෙකොනි පිටපත
- යුහ හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
- ජාතික හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
- බැංකුපාස් පොතෙහි සහතික කල පිටපතක්
සාමාන්‍ය රෝහල්ගතකිරීම්, ශල්‍යකර්ම හා බරපතළ රෝග සඳහා ඉදිරිපත් කල යුතු ලිපි ලේඛණ
- සාමාජික අයදුම්පත්‍රය
- රෝග නිශ්චය කාඩ්පතේ මුල් පිටපත හෝ රෝහල වෙතින් සහතික කරන ලද පිටපතක්
- ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද විවාහ සහතිකය (බිරිද/ස්වාමියා රෝහල් ගත කිරිමක් නම් පමණක්)
- ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද දරුවාගේ උප්පැන්න සහතිකය (දරුවා රෝහල් ගත කිරිමක් නම් පමණක්)
- බිල්පත් හා රිසිට්පත් වල මුල් පිටපත්
- විවාහ විම් දෙකොනි පිටපත (කලාත්‍ර රෝහල්ගත කිරිමක් නම් පමණක්)
- යුහ හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
- ජාතික හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
- බැංකුපාස් පොතෙහි සහතික කල පිටපතක්
හදිසි අනතුරු අවස්ථාවකදී ඇතිවන ආබාධ තත්වයන් සඳහා
- සාමාජික අයදුම්පත්‍රය
- දුබලතා රෝග විනිශ්චය වාර්ථාව/වෛද්‍ය මණ්ඩල වාර්ථාවේ මුල් පිටපත
- යුහ හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
- ජාතික හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
- බැංකුපාස් පොතෙහි සහතික කල පිටපතක්
ඇස් කණ්නාඩි මිලදී ගැනීම සඳහා
- සාමාජික අයදුම්පත්‍රය
- රෝග නිශ්චය කාඩිපත/ ආවෛ 58 (වෛද්‍ය පරීක්ෂණ වාර්ථාව)
- සහතික කරන ලද වෛඋසේඅම මුදල් වවුචර් පිටපත
- බිල්පත් හා රිසිට් පත් වල මුදල් පිටපත්
- යුහ හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
- ජාතික හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
- බැංකුපාස් පොතෙහි සහතික කල පිටපතක්
ගමන් වියදම් දීමනා ලබා ගැනීම
- සාමාජික අයදුම්පත්‍රය
- රෝග නිශ්චය කාඩිපතෙහි මුල් පිටපත හෝ රෝහල වෙතින් සහතික කරන පිටපත්
- පිටත් කර හැරිමේ තුන්ඩුවේ මුල් පිටපත හෝ රෝහල වෙතින් සහතික කරන පිටපත්
- යුහ හැදුනුම්පතෙහි පිටපතක්
- ජාතික හැදුනුම්පතෙහි පිටපතක්
- බැංකුපාස් පොතෙහි පිටපතක්
- ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද සාමාජිකයාගේ උපපැන්න සහතිකය (අවිවාහක සාමාජිකයින් විසින් දෙමාපිටන් වෙතින් ඉල්ලුම් කරයි නම් පමණක්)
- දරුවාගේ උප්පැන්න සහතිකය (දරුවන් සඳහා ඉල්ලුම් කිරිමක් නම් පමණක්)
- විවාහ සහතිකය (බිරිඳ/ස්වාමියා සඳහා)
ප්රතිලාභ ලබාගත නොහැකි අවස්ථා
- වෛසේඅම වෙතින් අනුමත නොකරනු ලබන රෝග සඳහා කරනු ලබන ප්‍රතිකාර
- ගබ්සා කිරීම හෝ ඉන් අනතුරුව ඇතිවන අතුරු ආබාධ සඳහා කරනු ලබන ප්‍රතිකාර
- පවුල් සැලසුම් සැත්කම් සහ ප්‍රතිකාරයන් සඳහා
- අනිවාර්යය එන්නත් කිරීම්.
- පංචකර්ම, රූපලාවන්‍ය හා සම්භාහන ප්‍රතිකාර
- රූපලාවන්‍ය කටයුතු සඳහා සිදුකරන සැත්කම් සහ ප්‍රතිකාර සඳහා
- වාර්ෂික වෛද්‍ය පරීක්ෂණ සහ රෝගී තත්ත්වයක් නොමැතිව සිදුකරනු ලබන වෛද්‍ය පරීක්ෂණ සඳහා
සුභසාධක පරිත්‍යාග මුදල් හිමිගැන්වීම
- 2020.06.16 වන දින ආරම්භ කරන ලද මෙම ආධාර ක්‍රමය සක්‍රීය සේවයේ යෙදී සිටින සියළුම නිත්‍ය/ස්වෙච්ඡා යුද්ධ හමුදා නිලධාරීන්/සෙසුනිලයින් වෙනුවෙන් සහ ඔවුන්ගේ ලඟම ඥාතීන් හට බරපතල රෝග ඛාණ්ඩ යටතේ වැළදෙන රෝගී තත්වයන් මත ඉතා විශාල මුදලක් වැයවන වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම/ශල්‍යකර්ම සිදුකිරීම සඳහා අවශ්‍ය වන මුදල් යුද්ධ හමුදාව වෙතින් ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුවසහන අරමුදලට අමතරව ක්‍රියාත්මක වේ
- ඉතා විශාල මුදලක් වැයදරා ප්‍රතිකාර ලබාගැනීමට/ශල්‍යකර්ම සිදුකිරීමට සිදුවන අවස්ථාවන්හිදී ආර්ථිකමය වශයෙන් මුහුණපාන අපහසුතාවයන් මෙන්ම වෙනත් සිවිල් සංවිධාන, ආයතන, අරමුදල් සහ ඉපයීම් මාර්ග වෙතින් අදාල මුදල් ලබාගැනීමට සිදුවීම හේතුවෙන් ඔවුන් පත්වන අපහසුතාවයන් මගහරවා ගැනීම සඳහා යුද්ධ හමුදාමය වශයෙන් යම් සහනයක් සලසාදීම මෙහි මූලික අරමුණ වේ.
- විධායක ජෙනරාල් ශාඛාවේ පූර්ණ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම සුභසාධක පරිත්‍යාග වැඩසටහන යටතේ වෛද්‍යාධාර වශයෙන් උපරිමය රු.8,000,000.00 දක්වා හිමිගන්වනු ලැබේ.
විධායක ජෙනරාල් ශාඛාව වෙතින් හිමිගන්වනු ලබන සුභසාධක පරිත්‍යාග වැඩසටහන යටතේ වෛද්‍යාධාර වශයෙන් උපරිමය රු.8,000,000.00 දක්වා හිමිගන්වනු ලැබේ.
හිමිකම් ඇති අයවළුන්
සාමාජිකයා විවාහක නම්
- කලත්‍රයා.
- අවිවාහක සහ රැකියා විරහිත අවුරුදු 24 අඩු නීත්‍යානුකූලව යුද්ධ හමුදාව පිළිගත් සාමාජිකයාගේ දරුවන් පමණක්.
සාමාජිකයා අවිවාහක නම්
- මව සහ පියා.
- මව හෝ පියා නොමැති නම් යුද්ධ හමුදාව වෙත බැඳීමේදී ප්රතිලාභියෙකු ලෙස නම් කර ඇති නීත්‍යානුකූල භාරකරු සඳහා පමණක් හිමිකම් ඇත.
ඔබ හට වෛද්‍යාධාර මුදල් හිමිවන අවස්ථා සැලකීමේදී,
- රෝගය පිළිබදව වෛද්‍ය වාර්ථාව සැලකිල්ලට ගනිමින් උපරිමය රු මිලියන 9.5 ක් සුවසහන අරමුදලේ රු මිලියන 1.5 ක මුදලත් ඇතුලත්ව ප්‍රථිලාභ මුදල් පරිත්‍යාගයක් හිමිගැන්වේ.
- ගෙවනු ලබන මුදල් ප්‍රමාණය සේවයේ යෙදි සිටින සියලුම නිලධාරින් හා සෙසුනිලයන්ගේ වැහාදි වලින් මසකට උපරිමය රු 50/= මුදලක් අනුමැතිය ලබාගත් මසකදී සියළුම යුද්ධ හමුදා නිත්‍ය/ස්වෙච්ඡා නිලධාරි හා සෙසුනිලයන් වෙතින් අයකර ගැනීමට කටයුතු කරනු ලැබේ.
- මණ්ඩලය මගින් නිර්දේශ කරනු ලබන මුදල ඉදුරාම රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත ලබාදිම.